Ads 468x60px

.

දැයට කිරුළේදී අතරමංවූ ඇමතිවරු

පසුගිය 04 වැනිදා දැයට කිරුළ විවෘත කළ ජනාධිපතිවරයා ශිරන්ති රාජපක්ෂ මහත්මිය සමග නිරීක්ෂණ චාරිකාවට ගියේ මෝටර් රථයෙන්. මැති ඇමතිවරු ගියේ බස් රථයෙන්. 


බස් රථයේ ඉඩකඩ මදිවුණ නිසා ෆුඞ් බෝඞ් එකේ ඇතැම් මැති ඇමතිවරුන්  එල්ලිලා ගියේ සාමාන්‍ය ජනතාව එදිනෙදා ගමන් කරනවා වගේ.බස් රථයෙන් බැහැපු ඇමති වීරවංශ, නාමල් රාජපක්ෂත්, යෝෂිත රාජපක්ෂත් සමග කෘෂිකර්ම අමාත්‍යාංශයේ ප‍්‍රදර්ශන කුටිය බලන්න ගියා.

"හරි මහන්සියි. අපි තේ එකක් බොමුද ?"

"බොමු, බොමු"විමල්ගේ ඉල්ලීමට නාමල් හා යෝෂිත මේ විදිහට ප‍්‍රතිචාර දැක්වූවා.

හාල්පිටි වලින් හදලා තිබුණු තෝසේ පිඟාන විමලූයි, නාමලූයි, යෝෂිතයි පිඟාන හිස් වෙනකන් රස කර කර කෑවා.මේ අය තෝසේ කද්දි හැරුණු හැරුණු අතේ ගිය ඇමතිවරුන් ආපසු එන්න හොයන එක දුෂ්කර කාර්යයක් වුණා.

ඒ අනුව මැති ඇමතිවරු කිහිපදෙනෙක් දැයට කිරුළ දොරටුව ගාවට  බස් රථයෙන් අවේ තවත් මැති ඇමතිවරු කිහිපදෙනෙක් අතරමං කරමින්.අතරමං වූ ඇමතිවරුන්ට අවසානයේ පිහිට වුණේ මාධ්‍යවේදීන් ගිය බස් රථයයි.


 
Related Posts with Thumbnails