Ads 468x60px

.

රත්තරං කෙල්ලගේ අභිරහස් මරණය

ඇමරිකානු සුප්‍රසිද්ධ ගායිකාවක හා නිළියක වූ විට්නි හූස්ටන් 11 දා රාත්‍රීයේ මිය ගොස් ඇති  බව ඇය‍ගේ ප්‍රකාශක ක්‍රිස්ටන් ෆෝස්ටර් විසින් නිවේදනය කර තිබේ. මිය යන විට 48 හැවිරිදි වට්නි හුස්ටන්ගේ මරණයට හේතුව හෝ මිය ගිය  ස්ථානය මෙතෙක් අනාවරණය වී නොමැති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.


කලා
පවුලකින් පැවත එන හූස්ටන් නිව්යෝර්ක්හිදී  ක්‍රිස්තියානි පල්ලියේ ගීතිකා ගායනයෙන් සිය ගායන දිවිය ආරම්භ කර තිබේ. 1980 මැද භාගයේ සිට 1990 අවසාන භාගය දක්වා හූස්ටන් අතිශය ප්‍රසිද්ධියට පත්වූ අතර එම වකවානුවේදී ඇමරිකානු සංගීත කර්මාන්තයේ “රත්තරං කෙල්ල“ යනුවෙන් විරුදාවලිය ලැබුවේ ඇයයි.






එම
වකවානුවේ සම්මාන රැසකට පාත්‍ර වුණු විට්නි හූස්ටන් ලොව වඩාත් ජනප්‍රියතම ගීත දර්ශක වල අංක එකේ ස්ථානය හිමිකර ගැනීමටසමත්වී ඇත.බොඩිගාඩ් සහ වෙයිටින් ටු එක්ස්හෙල් යන චිත්‍රපටවල රංගනයට එක්වෙමින් ජනප්‍රිය නිළියක් බවට පත්වීමට ද ඇයට හැකිවූ අතර පසුගිය වසර කිහිපය තුළ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වී සිටි විට්නි හූස්ටන්ගේ ජනප්‍රිය භාවය පහත වැටී තිබුණි.


ජනප්‍රිය පොප් ගායිකාවක මෙන්ම සිනමා නිළියක ද වන විට්නි හූස්ටන්ගේ මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
ලොස් ඇන්ජලිස්හි බෙවර්ලි හිල්ටන් හෝටලයේදී විට්නි හූස්ටන් අභාවප්‍රාප්ත වූ බව ඇගේ ප්‍රකාශිකාවක සදහන් කළාය.විට්නි එහි පැමිණ සිටියේ වාර්ෂිකව පැවැත්වෙන ක්ලයිව් ඩේව්ස් ග්‍රැමි සාදයට සහභාගිවීම සදහාය.ඇයගේ මරණයට හේතුව සෙවීම සදහා අපරාධ පරීක්ෂණ නිලධාරීන් අදාළ ස්ථානයේ යොදවා ඇතැයි බෙවර්ලි හිල්ස් හි පොලිස් දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.



 
Related Posts with Thumbnails