Ads 468x60px

.

හම්බන්තොටට සුභපැතුම්

හම්බන්තොට නගරසභාවේ පළමුවැනි නගරාධිපති ධූරයට පත්වූ එරාජ් රවීන්ද්‍ර ප‍්‍රනාන්දු මහතා මේ වනවිට සියලූම නරක වැඩවලින් මිදී යහපත් ජිවිකාවක් අරඹා ඇති බව වාර්තා වේ. ස්ටාර් ඩස්ට් කැසිනෝ ශාලාවේ යාවජීව සාමාජිකයෙකු වූ හම්බන්තොට නගරාධි පතිතුමා ඔහුගේ පිලිගැනීමේ උළෙලට එළිවනතෙක් කැසිනෝ ක‍්‍රීඩාකරමින් සිට ගිය ආකාරය වාර්තා කිරීමෙන් අනතුරුව


පත්තරකාරයෝනම් මොකක්හරි කරලා ෂේප් කරගන්න පුලූවන්. ඒත් මේ වෙබ්සයිට් කාරයෝ එක්ක බේරෙන්න බැහැ. කියමින් වෙබ් අඩවිකරුවන් සිහිපත් කරමින් සිට තිබේ.

ඉන් අනතුරුව වෙබ්සයිට්කාරයින්ගෙන් බේරීමේ හොදම මග ලෙස ඔහු විසින් තෝරාගෙන ඇත්තේ කැසිනෝ ක‍්‍රීඩාවෙන් සම්පූර්ණයෙන්ම වැලකී සිටීමයි. ඔහු මේ වනවිට බියර් වීදුරුවක් පවා පානය කිරීම අත්හැර ඇති බව වාර්තාවන අතර මාලූමස් කෑමද නවත්වා තිබේ.

වෙබ්සයිට්කාරයින් සිහිපත්කරනවාට වඩා මෙසේ කිරීමෙන් තමන්ගේ දේශපාලන ජීවිතයත් ඊටත් වඩා තමන්ගේ ශරීර සෞඛ්‍යයත් ආරක්ෂා වන බව හම්බන්තොට නගරාධිපතිවරයා තේරුම්ගැනීම පිලිබදව  සතුටුවන අතර වැදෙන තැනකට වැදේවා රිදෙන තැනෙකට රිදේවා වැදී රිදී හෝ හැදේවා යන්න මල්පල ගැන්වීම පිලිබදව සතුට සහ ප‍්‍රණාමය ගරුනගරාධිපතිවරයා වෙත යොමුකර සිටී.
 
Related Posts with Thumbnails