Ads 468x60px

.

ස්වර්ණවාහිනියට සමුදුන් හරේන්‍ද‍්‍රගෙන් අලුත් වැඩක්

ස්වර්ණවාහිනියේ වත්මන් ප‍්‍රධානීන් සමග සේවය කිරීමට නොහැකිවීම හේතුවෙන් ඉන් ඉවත්ව ගිය හරේන්ද‍්‍ර ජයලාල්ගේ නික්මයාමේ සාදය පැවතියේ පසුගිය සිකුරාදාය.මෙම සාදය ස්වර්ණවාහිනියේ ප‍්‍රවෘත්ති අංශයේ සේවය කරන ජයලාල් සමග පසුගිය සමයේ එක්ව වැඩකල පිරිස විසින් සංවිධානය කර තබිණි.


සාදය ආරම්භ වී විනාඩි 10 ක් යන්නට ද පෙර අදාළ ස්ථානයට එම ආයතනයේ ගණකාධිකාරී තුෂාන් කඩා වැදීම හේතුවෙන් සාදය සංවිධායකයන් විශාල අලකලංචියකට මුහුණදුන් බව පැවසේ.බොහෝ විට ස්වර්ණවාහිනීයේ සමුගැනීමේ සාද සාමාන්‍යයෙන් ආගිය තොරතුරු හා සමුගන්නා අයට වූ අලකලංචි සම්බන්ධයෙන් හෙළිකිරීම් කරනු ලබන සුහද ඒවා වුවත් මෙය එවැනි සුහද සාදයක් නොවනු බව වාර්තා වේ.

ඉබ්බාගේ ගෙට කබල්ලෑවා රිංගුවා සේ මේ සාදයට තුෂාන් හදිස්සියේම කඩා වැටීම ඊට හේතු වී තිබේ.
ඔහු ස්වර්ණවාහිනියේ ප‍්‍රධානියා එවූ ඔත්තු කරුවෙක් යැයි සිතා සාදය සංවිධානය කළ අය කට පරිස්සම් කරගෙන කතා කිරීම හේතුවෙන් එම සාදයේ තිබූ සුහදත්වය මග හැරී ගිය බවද පැවසේ.ඉන්පසුව ඇතැමුන් හරේන්‍ද‍්‍ර ගැන කළ කතා ද නිල කතා බවට පත්ව තිබූ බව වාර්තා වේ.තුෂාන්ගේ මෙවැනි වැඩ සම්බන්ධයෙන් ස්වර්ණවාහිනී සේවකයන් අතර ලැයිස්තුවක් තිබෙන බවද මේ අතර, වාර්තා වේ.

ඉන් ජයමාන්න නැමැති සේවකයකු දියවැඩියා රෝගයට ගොදුරුවී කෙටිකලක් සේවයෙන් ඉවත්ව සිට නැවත කාර්යාලයට පැමිණි අවස්ථාවේදී සමස්ථ ස්වර්ණවාහිනියේ සේවකයන්ම කැඳවා සේවකයන්ගෙන් එකතු කරගන්නා ලද රුපියල් 25,000 ක් තුෂාන්ගේ ප‍්‍රධානයක් ලෙස එම සේවකයාට ලබාදීම ප‍්‍රසිද්ධ සිද්ධියක් බව එහි සේවකයෝ කියති. 

ස්වර්ණවාහිනියට සමුදුන් හරේන්‍ද‍්‍ර අලුත් වැඩක් සඳහා අතගසා ඇතැයිද වාර්තා වේ.බෙස්ට් වොයිස් මීඩියා ඇකඩමි (Best Voice Media Academy) නමින් ඔහු නිවේදකයන් පුහුණු කිරීමේ ආයතනයක් අරම්භ කර තිබේ.එහි පළමු කණ්ඩායම ලබන ජනවාරි 27 වැනිදා බඳවා ගැනීමට නියමිත බවද වාර්තා වේ.

 
Related Posts with Thumbnails