Ads 468x60px

.

පළමු තනි පීල්ලේ දුම්රිය සේවාව හම්බන්තොටට

සූරියවැව ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයත් හම්බන්තොට ගවන් තොටුපලත් සම්බන්ධ කරමින් දකුණු ආසියාවේ පළමුවැනි තනි පීල්ලේ ධාවනය වන දුම්රිය සේවාවේ වැඩ කටයුතු ලබන වසරේ ආරම්භ වන බව හම්බන්තොට දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ මහතා පවසයි.


යෝජිත දුම්රිය මාර්ගය කිලෝ මීටර් තුනක දුරකින් යුක්ත වන අතර දිස්ත‍්‍රික්කයේ අරඹා ඇති සංවර්ධන ව්‍යාපෘති මෙම දුම්රිය සේවාව මඟින් සම්බන්ධ වන බවද මන්ත‍්‍රීවරයා පවසයි.මෙම සංවර්ධන ව්‍යාපෘති සෘජු රැකියා 1500ක් සපයන අතර යෝජිත තොරතුරු තාක්‍ෂණ උද්‍යානය, ගුවන් තොටුපල සහකාමර 300කින් සමන්විත තට්ටු නිවාස සංකීර්ණයද ඊට අයත් වේ.

එහි ඉදිකිරීමට නියමිත රාත‍්‍රී වෙළඳපල සංගප්පූරුව, මැලේසියාව, තායිලන්තය සහ හොංකොං හි ඇති ‘චයිනා ටවුන්’ නමින් හඳුන්වන රාත‍්‍රී වෙළඳපලවලට සමානය.හම්බන්තොට ගුවන් තොටුපල ඉදිකිරීමෙන් පසුව එය 2016 දී හම්බන්තොට ගුවන්තොට දක්වා දීර්ඝකරන බවද මේ ගැන ආයෝජකයන් කිහිප දෙනකු සමග සාකච්ඡා කරන බවද ඔහු පවසා තිබෙනවා.

මොනෝ රේල් වර්ගයේ දුම්රිය සේවා ක්‍රියාත්මක වන්නේ කොංක්‍රීට් කණු මත ඉදිකරන ලද තනි බීම් එකකින් යුත් මාර්ගයක් දිගේ වන අතර සාමාන්‍යයෙන් මීටර් 30-50 අතර පරතරයකට එක බැගින් මෙම කොංක්‍රීට් කණු (පයිල්) ඉදිකළ යුතුය. එම සෑම කණුවක්ම යකඩ කම්බි යොදා මීටර් 20-40 අතර ගැඹුරකට භූගත ගල දක්වා කොංක්‍රීට් කළ යුතුය.

මේ අනුව එක් කොංක්‍රීට් කණුවක් ඉදිකිරීම සඳහා පමණක් රුපියල් මිලියන 3කට වඩා වියදම්වේ. එම කණු අතර දුම්රිය ගමන් කරන කොංක්‍රීට් බීම්ද ඉදිකල යුතුය. එබැවින් මේ සියල්ලම සඳහා අධික වියදමක් දැරීමට සිදුවන අතර සූරියවැව ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගනයේ දිනපතා ක්‍රීඩා තරඟ නොපැවැත්වෙන බැවින් හම්බන්තොට තිරිහන් කිරීම සඳහා යොදවන එම මුදළින් ජනතාවට සෙතක් සැලසේවිදැයි සැකයක් පවතිනවා. 

මේ වන විට අති විශාල මුදලක් යොදවා හම්බන්තොට ඉදිකරන ලද අසාර්ථක ව්‍යාපෘති අතර හම්බන්තොට වරාය, ක්‍රිකට් ක්‍රීඩාංගන, රන්මිණිතැන්න ප්‍රධාන තැනක් ගන්නවා.



 
 
Related Posts with Thumbnails