Ads 468x60px

.

බෙල්ලේ පච්චයට දෝනි කැමැතියි ලු

බොලිවුඩ් නළු සයිෆ් අලී ඛාන් සිය පෙම්වතිය වන 'කරීනාගේ' නම ඔහුගේ අතේ  කොටා ගැනීමේ සිද්ධියට පසුගිය කාලයේ මාධ්‍යයෙන් විශාල ප‍‍්‍රසිද්ධියක් ලැබිණි.එසේම දිපිකා පදුකෝන් සිය පෙම්වතා වන රන් බීර් කපූර්ගේ මුලකුරු සිය බෙල්ලේ කෙටීම සම්බන්ධයෙන්ද මාධ්‍ය වාර්තා පල විය. කෙසේවුවද පච්චා කෙටීමේ උන්මාදය මේවන විට බොලිවුඞ් සිනමාවෙන් කි‍‍්‍රකට් පිටියට සේන්දුවී තිබේ.






මේ අනුව අලූ‍ත්ම පච්චය ඇත්තේ ඉන්දීය කි‍‍්‍රකට් පිලේ නායක මහේණද‍‍්‍ර සිං දෝනිගේ බිරියගේ බෙල්ලේය. මහේන්ද‍‍්‍රගේ, බිරිය සාක්‍ෂි රාවත් ඇගේ බෙල්ලේ කොටාගෙන ඇත්තේ සිය ආදරණීය සැමියාගේ කෙටි නම වන 'මාහි' (Maahi) යන්නයි.

ඇය මෙම පච්චය කොටාගත් වහාම එහි ජායාරූපයක් ඇගේ 'ෆෙස් බුක්' සමාජ ජාල වෙබ් අඩවියටද එක් කර තිබේ. එසේම එම පුවත ට්විටර් පණිවුඩයක් මගින්ද විසුරුවා හැරි ඇය එම පච්චයට දෝනි කැමැති බවද හෙළිකර තිබිණි.






 
Related Posts with Thumbnails