Ads 468x60px

.

සතුන් බිල්ලට නොදී දේව පුජා පවත්වන්නට පුළුවන් - මර්වින්

තමාගේ මූලිකත්වයෙන් මුන්නේෂ්වරම් කාලි කෝවිලට හෝ වෙනත් කිසිදු ස්ථානයකට කිසිම සතෙකු බිලි දීමට හෝ ඒ සඳහා අනුබල දීමට හෝ කටයුතු නොකල බව වගකීමෙන් ප‍්‍රකාශ කරන බව මහජන සම්බන්ධතා සහ මහජන කටයුතු අමාත්‍ය මර්වින් සිල්වා මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.


අහිංසක සතුන් බිලිදී දේව ආශීර්වාදය ලබා ගැනීමේ විකෘති මානසිකත්වයක් තමන්ට නැති බවත් එවන් දෑ දෙස බලා දෑස් නොපෙනෙන වුන් සේ සිටීමටද තමන්ට නොහැකි බවත් එම නිවේදනයේ සඳහන්ය.

මුන්නේෂ්වරම් කාලි කෝවිලට තමන් යන්නේ සතුන් බේරා ගැනීමට මිස සතුන් බිලි දෙන්නට නොවන බවත් පවසන අමාත්‍යවරයා අහිංසක සතුන් බිල්ලට නොදී තමන් වෙනුවෙන් දේව පුජා පවත්වන්නට  ඕනෑ තරම් පුද්ගලයන් සිටින බවත් එහි වැඩි දුරටත් දැක්වේ.
 
Related Posts with Thumbnails