Ads 468x60px

.

බජාර් එකේ චන්ඩියාගේ වාලම්පුරි කැරකැවීම

මීට කලකට පෙර තිරගතවූ තිලක් අතපත්තු අධ්‍යක්‍ෂණය කළ ‘බජාර් එකේ චන්ඩියා’ චිත‍්‍රපටයේ ප‍්‍රධාන චරිතය නිරූපනය කළ බන්දුල දිසානායක අවුරුදු 20ක් පමණ හිමාලයේ භාවනානුයෝගීව වාලම්පුරි පිළිබදව ගවේෂනය කරමින් සිට නැවත ලංකාවට පැමිණ ඇති බව වාර්තා වේ.



මෙසේ පැමිණි විශ්වකීර්ති දේශමාන්‍ය බන්දුල දිසානායක මේදිනවල ලංකාවේ ප‍්‍රධාන පුවත්පත් සියල්ලකම පාහේ තමන් විසින් හිමාලයේ දී සොයාගත් දක්ෂිණාවෘත වාලම්පූරි විකිණීම සඳහා ඇඞ්වර්ටීස්මන්ට් පළකරමින් සිටී. විශ්වකීර්ති දේශමාන්‍ය බන්දුල දිසානායකගේ දකුණට කැරකැවෙන වාලම්පූරියක මිල රුපියල් ලක්ෂ 5හේ සිට රුපියල් දසලක්ෂය දක්වා මිල කෙරෙන බව වාර්තා වේ.

මේ පිළිබදව වැඩිදුර විස්තර සොයාබැලීමේදී හෙළිදරව් වූයේ බන්දුල දිසානායක භාවනානුයෝගීව වැඩ සිට ඇත්තේ හිමාල වනයේ නොව කැනඩාවේ හිරගෙදරක බවයි. එසේ සිරගතවීමට හේතුව ‘හියුමන් ස්මගලින්’ නොහොත් ‘මිනිස් ජාවාරම්’ය.

‘බජාර් එකේ චන්ඩියා’ තිරගතවීමෙන් අනතුරුව ‘බජාර් එකේ පොරක්’ බවට පත්වී ඇති බන්දුල දිසානායක ලෝකයපුරා චිත‍්‍රපට ?ගතකිරීම් අරඹා තිබේ. ඒ යටතේ එංගලන්තය, කැනඩාව, ඇමරිකාව බලා ඔහුගේ රූගතකිරීම් පැතිර ගොස් ඇති අතර එසේ එම රටවලට රූගත කිරීම් සඳහා යන කණ්ඩායම් එම රටවල්වල ගල්වී ඇත. එසේ කැනඩාවේදී ගල්වුනු එක කණ්ඩායමක් නිසා බන්දුලගේ වැඬේ ‘දෙල්වී’ අවුරුදු ගණනක් භවනාකිරීම සඳහා කැනඩා රජය මගින් සිපිරිගෙයක් තුළ පහසුකම් සලසා දී තිබේ.

කැනඩාවේ භාවනා කෝස් එක අහවරවූ පසු ‘බජාර් එකේ චන්ඩියා’ දැන් නැවතත් ලංකාවට පැමිණ විශ්ව කීර්ති දේශමාන්‍ය සම්මානවලින් පිදුම්ලැබ වාලම්පුරි දකුණට කැරකැවීම අරඹා තිබේ.
 
Related Posts with Thumbnails