Ads 468x60px

.
පබා, මහේෂ්ගෙන් දික්‌කසාදය වීමට නඩු යයි

සිය විවාහක සැමියා වන වලවේගමගේ මහේෂ් චාමින්ද නමැත්තාගෙන් දික්‌කසාද වීමට නියෝගයක්‌ ලබාදෙන ලෙසත්, මසකට රුපියල් ලක්‍ෂ හතරක පමණ ආදායමක්‌ ලබන ඔහුගෙන් තමාට රුපියල් මිලියන 20 ක වන්දියක්‌ ලබාදෙන ලෙසත් ඉල්ලා ජනප්‍රිය ටෙලි නාට්‍ය නිලි පාර්ලිමේන්තු මන්ත්‍රිනී උපේක්‍ෂා ස්‌වර්ණමාලි මහත්මිය කොළඹ දිසා අධිකරණය හමුවේ නඩුවක්‌ ගොනු කර තිබේ.

සිව් වසරක ප්‍රේම සම්බන්ධතාවකින් පසුව 2009 අගෝස්‌තු හය වැනිදා ඔහු සමග විවාහ වූ බවත් අධික ලෙස කෝපයට පත් වන පුද්ගලයකු වන ඔහු විවාහයට පසු දිනම තමාට දැඩි ලෙස පහර දුන් බවත් සිය පැමිණිල්ල මගින් අධිකරණයට පෙන්වාදී ඇති උපේක්‍ෂා ස්‌වර්ණමාලි මහත්මිය විවාහක සැමියකුට නොගැලපෙන ඔහුගේ එවැනි ක්‍රියා නිසා තමාට දික්‌කසාද වීමට අවසර ලබාදෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා ඇත.

නිරතුරුවම තදබල ලෙස පහර දෙමින් තමාව ශාරීරික හා මානසික වධහිංසාවලට ලක්‌ කරන ඔහු, මෑතකදී සිදු කළ බරපතළ පහරදීමක්‌ නිසා තමාට රෝහල්ගතවී ප්‍රතිකාර ලබාගැනීමට මෙන්ම ශල්‍යකර්මයකට මුහුණදීමට ද සිදුවූ බවත් ඔහු සිය යුතුකම් ඉටු කිරීම පැහැරහැර විවාහ ජීවිතය අප්‍රසන්න කර ඇති බවත් පබා ඉදිරිපත් කළ පැමිණිල්ලේ සදහන්වේ.
 
Related Posts with Thumbnails