Ads 468x60px

.
තැපැල් ඡන්දයේ නිරීක්ෂණ කටයුතු සූදානම්

ලබන අඟහරුවාදා සිදුකෙරෙන තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමේ කටයුතුවලට සමාගාමීව නිරීක්ෂණ කටයුතු සඳහා පියවර ගෙන ඇති බව පැෆ්රල් සංවිධානය පවසයි.

මේ වන විට ඊට අදාළ කටයුතු සිදුකෙරෙමින් පවතින බව එහි විධායක අධ්‍යක්ෂ ‍රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.

මැතිවරණ දිනයේදී ද ස්ථානගත සහ ජංගම යන කොටස් 02 යටතේම ඡන්ද මධ්‍යස්ථාන තුළ සහ මධ්‍යස්ථාන අතරතුර නිරීක්ෂණ කටයුතු සඳහා මේ වනවිට කණ්ඩායම් යෙදවීමට ද කටයුතු සූදානම් කර ඇති බව ඔහු කියා සිටියේය.

මේ අතර මැතිවරණයට අදාළ නීති උල්ලංඝණය කිරීම් 11 ක් පිළිබඳ මේ වන විට පැමිණිලි ලැබී ඇති බව පැෆ්රල් සංවිධානය පැවසීය.

සිය කාර්යාලයට ද පැමිණිලි 13 ලැබී ඇති බව මැතිවරණ කටයුතු භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණී නවරත්න මහතා ප්‍රකාශ කළේය.
 
Related Posts with Thumbnails