Ads 468x60px

.
චැනල් -4 වීඩියෝවට සැකකරුවෙකු අල්ලයි

චැනල් - 4 නාලිකාවට ශී‍්‍ර ලංකා යුද හමුදාව විසින් යුද අපරාධ සිදු කළ බවට ව්‍යාජ වීඩියෝ දර්ශන ප‍්‍රදර්ශනය කර ශී‍්‍ර ලංකා රජය අපකීර්තියට පත්වන අයුරින් කටයුතු කිරීමට ආධාර අනුබල දුන් බවට සැක පිට අත්අඩංගුවටගත් දෙමළ ජාතික සැකකරුවෙකු රැඳවුම් නියෝග යටතේ තබාගෙන ප‍්‍රශ්න කිරීමට කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් ටිකිරි කේ. ජයතිලක මහතා විසින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට අද (08) අවසර ලබාදුන්නේය.

සැකකරු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ ඒකකයක් මගින් පසුගිය 05 වැනිදා නුවර ප‍්‍රදේශයේදි අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ රඳවා ගැනීමට අවසර ලැබුනේ කන්දවනම් ජෙදීස්වරම් නැමැති මහනුවර කොළඹ වීදියලිසරෝජනී ස්ටෝර්ස්’, අංක 164 නැමැති ස්ථානයේ පදිංචිකරුවෙකි.
කොළඹ 07 මල් පාරේ පදිංචි මොහොමඞ් අසාද් නැමැති අයෙකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවටගෙන තිබේ.

පැමිණිලිකරුගේ විදෙස්ගත ඥාතියෙකු ගෙන් ලද තොරතුරක් අනුව මොහු මෙම වීඩියෝ පටය නිර්මාණය කිරීමට සම්බන්ධයක් ඇතැයි හැගී ගිය බැවින් මෙම පැමිණිල්ල කළ බවද පැමිණිලිකරු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට දන්වා ඇත.
 
Related Posts with Thumbnails