Ads 468x60px

.
කොල්ලූපිටිය පොලිසියට ඇස් ලෙඩ

ඇඩිනෝ’ නමැති වෛරසය හේතුවෙන් මේ දිනවල පැතිර යන ඇස් රෝගය හේතුවෙන් කොල්ලූපිටිය පොලිස් ස්ථානයේ නිළධාරීන් 85 දෙනෙකු රෝගීව ඇතැයි වාර්තා වේ.

කොළඹ ජාතික අක්ෂි රෝහලේ බාහිර රෝගී අංශයට පැමිණ මෙම පොලිස් නිලධාරීන් ප‍්‍රතිකාර ලබාගෙන ඇතැයි ද පැවසේ.

රෝගය හේතුවෙන් දිනකට රෝගීන් 85 ක් 100 ක් පමණ දෙනා ජාතික අක්ෂි රෝහලට පැමිණෙන බව රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සිසිර ලියනගේ මහතා පැවසීය.

රෝගය බෝ වන්නේ ඇසේ ශ‍්‍රාවය ගෑවීමෙන් බවත් හැකිතරම් පිරිසිදුව සිටින්නේ නම් රෝගය බෝ වීම වළක්වාගත හැකි බවද ලියනගේ මහතා සඳහන් කළේය.
විශේෂයෙන් රැකියා ස්ථාන හා පාසල් ළමයින් අතර බහුලව මේ ඇස් රෝගය පැතිරීමේ අවදානමක් පවතින බවත් රෝගය පැතිරීම වළක්වා ගැනීමට ඇතැම් විට ආයතන හා පාසල් වසා දැමීමට සිදු විය හැකි බවත් ඒ මහතා ප‍්‍රකාශ කළේය.

ඇස් රතු වීමල ඇස් වටා ඉදිමීමල කඳුළු හා කබ ගැලීමල ආලෝකය දෙස බැලීමට අපහසු වීම යනාදි රෝග ලක්ෂණ දින තුනකට වඩා පවතියි නම් වහාම වෛද්‍යවරයකු හමු වී ප‍්‍රතිකාර ලබාගන්නා ලෙස වෛද්‍ය සිසිර ලියනගේ මහතා කියා සිටියේය.

මෙම රෝගය සාමාන්‍යයෙන් ඉබේම සුවවන බවත්ල කෙසේවුවද මෙම රෝග ලක්ෂණ දින තුනකට වඩා පවතින්නේ නම් ඇසට අතුරු ආබාධ ඇති විය හැකි යැයි ද ඒ මහතා කීය.

ඇසෙන් පිට වන විෂබීජ තවත් පුද්ගලයකුගේ ඇසේ ගෑවීමෙන් මේ රෝගය වැලදේ.

රෝගය බෝවීම වලක්වා ගැනීමට සබන් දා අත් සේදීමල රෝගීන්ගේ තුවාල ඇඳ ඇතිරිලි, ලේන්සු තවත් පුද්ගලයකු භාවිතයට නොගැනීමෙන් කළ හැකි බවද ලියනගේ මහතා පැවසීය.


මීට අමතරව රෝගය වැළඳී ඇති පුද්ගලයන් රෝගය සුව වන තෙක් රැකියාවට හෝ පාසලට නොගොස් සිටීමෙන් ද මේ රෝගය පැතිරීම වළක්වා ගත හැකි බවද ඔහු පෙන්වාදුන්නේය.
 
Related Posts with Thumbnails