Ads 468x60px

.
7 ශ්‍රේණියේ සිසුන්ට ප්‍රවීණතා විභාගයක්

සියලු පාසල්වල 7 ශ්‍රේණියේ දරුවන් සඳහා ප්‍රවීණතා විභාගයක් පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

එය ශිෂ්‍යාධාර ලබාදීමේ විභාගයක් වන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද දෙරණට ප්‍රකාශ කළේය.

ඉන් සමත්වන දරුවන්ට ශිෂ්‍යාධාර ලබාදීම සඳහා අරමුදලක් පිහිටුවීමට ද සැලසුම් කර ඇත.

කෙසේවුවද ජනප්‍රිය පාසල් ලබාදීම සඳහා වූ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය වෙනසකින් ‍තොරව පවත්වාගෙන යන බව අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ අතර සිසුන් දස දහසකගේ පමණ සහභාගීත්වයෙන් ඇසල මහා සිසු පෙරහැරක් පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.
 
Related Posts with Thumbnails