Ads 468x60px

.
කහවත්තේ බිය දෙනියායටත්?

මාතර, දෙනියාය ප්‍රදේශයේ තලවාකැලේ වතු සමාගමට අයත් ඩවුන්සෙට් වතුයායේ තේ දළු නෙළමින් සිටි කාන්තාවක් ඝාතනය කිරීමට සැක කටයුතු පුද්ගලයෙකු උත්සාහ දරා තිබේ.

සිද්ධියෙන් තුවාල ලැබූ එම කාන්තාව දෙනියාය රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මාතර මහරෝහලට මාරු කර යවා ඇති බව වාර්තා වේ.

මෙම සිදුවීම ද පසුගිය දිනවල කහවත්ත ප්‍රදේශයේ ඇතිවූ සිදධීන්ට සමාන බවක් දක්වන නිසා ප්‍රදේශවාසීන් භීතියට පත්ව ඇති බව ද අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.

අදාළ සිදුවීමත් සමග එම ප්‍රදේශවල ජනතාව භීතියට පත්ව ඇති බව දෙනියාය ප්‍රාදේශීය සභාවේ සභාපති ඒ.පී. දයානන්ද මහතා ප්‍රකාශ කළේය.

එමෙන්ම පොලිසිය සමග සාකච්ඡා කර විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ බව ද ඔහු කියා සිටියේය.
 
Related Posts with Thumbnails