Ads 468x60px

.
කහවත්ත සසල කළ ඝාතන සැකකරු කොටුවෙයි

රත්නපුර, කහවත්ත ප්‍රදේශයේ පසුගිය දිනවල සිදුවූ ඝාතනවලට සම්බන්ධ බවට සැකකරන පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ප්‍රිශාන්ත ජයකොඩි මහතා අද පැවසීය.

‍ අප්‍රේල් මස 03 වන දින සහ ජූනි මස 19 වන දින කහවත්ත, නීලදුර ප්‍රදේශයේ සිදුවූ කාන්තා ඝාතන 02 ක් සම්බන්ධව මෙම පුද්ගලයා අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ පොලිසිය ඒකාබද්ධව සිදුකළ වැටලීමකින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුගෙන් වැඩිදුරටත් ප්‍රශ්න කෙරෙන බවත්, ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කර ඇති බවත් ප්‍රිශාන්ත ජයකොඩි මහතා වැඩිදුරටත් කියා සිටියේය.
 
Related Posts with Thumbnails